අයහපත් කාළගුණයෙන් පීඩාවට පත් ජනතාවට නාවික හමුදා සහාය

මේ දිනවල දිවයිනට බළපා ඇති අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක් ගංවතුර අවධානමකට ලක් වී ඇති අතර, දිවයින පුරා ක්‍රියාත්මක ඒකාබද්ධ ආපදා කළමණාකරන සැලසුමට අනුව පීඩාවට පත් ජනතාවට සහන සැළසීම සඳහා නාවික හමුදාව මගින් හදිසි අවස්ථා කණ්ඩායම් රැසක් මේ වනවිට දිවයින පුරා පහත පරිදි අනුයුක්ත කර ඇත.

ඒඅනුව වයඹ නාවික විධානයේ කල්අඩි, නවගත්තේගම, සාලිය වැව, එළුවන්කුලම ප්‍රදේශය සඳහා සහන කණ්ඩායම් හතරක්ද,

නැගෙනහිර නාවික විධානයේ පොළොන්නරුව, කිරාන්, මැදිරිගිරිය, පුලස්තිපුර, ප්‍රදේශ සඳහා සහන කණ්ඩායම් අටක්ද,

උතුරු මැද නාවික විධානයේ ගල්නෑව, තඹුත්තේගම, ඉපලෝගම, රාජාංගනය, හුරිගස්වැව, ප්‍රදේශ සඳහා සහන කණ්ඩායම් නවයක්ද,

දකුණු නාවික විධානයේ සෙල්ල කතරගම සඳහා සහන කණ්ඩායම් එකක්ද,

ගිණිකොන නාවික විධානයේ පානම ප්‍රදේශයේ සහන කණ්ඩායම් එකක්ද, වශයෙන් නාවික හමුදා සහන කන්ඩායම් විසිතුනක් (23) සහ පුද්ගලයන් මුදවා ගැනිමේ කුඩා යාත්‍රා 23 ක් මේ වන විට විපතට පත් ජනතාවට සහන සැලසිමේ කටයුතු වලට යොදවා ඇත.