වැදගත් සිදුවීම්

කේරළ ගංජා ගෑම් 25 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව සහ උඩප්පුව, පොලීසිය එක්ව 2019 දෙසැම්බර් 22 වන දින පල්ලිවාසල්පාඩු ප්‍රදේශ‍යේ සිදු කළ වැටලීමකදි කේරළ ගංජා ග්‍රෑම් 25 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.

23 Dec 2019

නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට

නාවික හමුදාව සහ ගාල්ල සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලය එක්ව 2019 දෙසැම්බර් 22 වන දින හික්කඩුව ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා භාරයට ගෙන ඇත.

23 Dec 2019

ඉන්දියානු නාවික හමුදාධිපති, අද්මිරාල් කරම්බීර් සිං ගේ ශ්‍රීලංකා සංචාරය සාර්ථකව නිමාවට පත්විය.

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතව සිටි ඉන්දියානු නාවික හමුදාධිපති, අද්මිරාල් කරම්බීර් සිං ශ්‍රී ලංකානු සංචාරය සාර්ථකව නිමාවට පත් කරමින් 2019 දෙසැම්බර් 22 වන දින පස්වරුවේ දවයිනෙන් පිටත්ව යන ලදි.

23 Dec 2019