කේරළ ගංජා ගෑම් 25 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව සහ උඩප්පුව, පොලීසිය එක්ව 2019 දෙසැම්බර් 22 වන දින පල්ලිවාසල්පාඩු ප්‍රදේශ‍යේ සිදු කළ වැටලීමකදි කේරළ ගංජා ග්‍රෑම් 25 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.

ඒ අනුව නාවික හමුදාව සහ උඩප්පුව, පොලීසිය එක්ව සිදු කළ වැටලීමකදි මෙම කේරළ ගංජා සමඟ පුද්ගලයා නාවික හමුදා බාරයට ගෙන ඇති අතර, නාවික හමුදා බාරයට ගත් පුද්ගලයා වයස අවුරුදු 44 ක් වන කොන්තන්තිව් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනාගෙන ඇත.

තවද, එම පුද්ගලයා සහ කේරළ ගංජා ප්‍රමාණය ඉදිරි පරීක්‍ෂණ කටයුතු සඳහා උඩප්පුව, පොලිසිය වෙත භාරදීමට කටයුතු කෙරුණි.