බීඩි කොළ කිලෝග්‍රෑම් 46.2 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව 2019 දෙසැම්බර් 23 වන දින යාපනය, ගුරුනගර් ප්‍රදේශයේදී බීඩි කොළ කිලෝග්‍රෑම් 46.2 ක් සමඟ පුද්ගලයෙකු(01) නාවික හමුදා බාරයට ගෙන ඇත.

ඒ අනුව, නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව යාපනය, ගුරුනගර් ප්‍රදේශයේ සිදු කරන ලද ඒකාබද්ධ මෙහෙයුමකදී සැක කටයුතු පුද්ගලයෙකු නිරික්ෂණය කර ඇති අතර, ඔහු පිළිබඳව සිදුකරන ලද වැඩිදුර පරික්ෂණ වලදී ඔහුට අයත් නිවසක සඟවා තිබු උර 05 ක අසුරන ලද බීඩි කොළ ප්‍රමාණය නාවික හමුදා බාරයට ගෙන ඇත.

මෙලෙස නාවික හමුදා බාරයට ගත් පුද්ගලයා වයස අවුරුදු 35 ක් වන යාපනය, ගුරුනගර් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇති අතර, එම පුද්ගලයා සහ බීඩි කොළ ප්‍රමාණය ඉදිරි විමර්ශණ කටයුතු සඳහා කන්කසන්තුරෙයි,රේගු කාර්යාලය වෙත භාර දීමට කටයුතු කරන ලදී.