කේරළ ගංජා සමඟ පුද්ගලයින් තිදෙනෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2019 දෙසැම්බර් 23 වන දින පුත්තලම, මොල්ලිපුරම් වෙරළ ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 80.25 ක් සමඟ සැකකරුවන් තිදෙනෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.

නාවික හමුදාව විසින් පුත්තලම, මොල්ලිපුරම් වෙරළ තීරය අවට සිදුකරන ලද මෙහෙයුමකදී සැක කටයුතු පුද්ගලයින් තිදෙනෙකු නිරීක්ෂණය කර ඇති අතර, එම පුද්ගලයන් පරික්ෂා කිරිමේදී ඔවුන් ලඟ තිබී මෙම කේරළ ගංජා ප්‍රමාණය සොයාගෙන ඇත. මෙලෙස සොයා ගන්නා ලද කේරළ ගංජා ප්‍රමාණය, පුද්ගලයන් තිදෙනා සහ ඔවුන් සතුව තිබු වල්ලමක් හා යතුරු පැදියක්ද නාවික හමුදා බාරයට ගෙන ඇත.

තවද, නාවික හමුදා බාරයට ගත් මෙම පුද්ගලයින් වයස අවුරුදු 32, 38 සහ 47 යන වයස්වල පසුවන පුත්තලම සහ මොල්ලිපුරම් ප්‍රදේශ වල පදිංචිකරුවන් බවට කරුනු අනාවරණය කර ගෙන ඇති අතර, නාවික හමුදා බාරයට ගත් එම පුද්ගලයන්, වල්ලම, යතුරු පැදිය සහ කේරළ ගංජා ප්‍රමාණය ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම, පොලිස් විශේෂ කාර්ය බළකාය වෙත භාරදීමට කටයුතු කරන ලදි.