ජ්‍යෙෂ්ඨ නාවිකයින් 50 දෙනෙකු සඳහා පොලී රහිත ණය මුදල් ප්‍රදානය කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරී නියුතු ජ්‍යෙෂ්ඨ නාවිකයින් 50 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ පහක‍් (5) බැගින් වූ පොලි රහිත ණය මුදල් ලබා දීම 2019 දෙසැම්බර් 24 වන දින නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදාධිපති තුමාගේ කාර්යාලයේදී සිදු කෙරුණි. ඒ සදහා රුපියල් මිලියන 25 ක මුදලක් නාවික සහන පදනම මගින් ලබාදෙන ලදි.

නාවික හමුදාවේ දිර්ඝ කාලයක් සේවය කර ඇති ජ්‍යෙෂ්ඨ නාවිකයින්ගේ සේවය අගය කරනු වස් මෙම පොලී රහිත ණය මුදල ප්‍රදානය කිරීම ආරම්භ කරන ලදී. මේ වන විට ජ්‍යෙෂ්ඨ නාවිකයින් 2710 දෙනෙකු සඳහා මෙම ණය මුදල ලබා දීමට නාවික සහන පදනම කටයුතු කොට ඇත. ඉදිරි කාල සීමාව තුළදී, තවත් ජ්‍යෙෂ්ඨ නාවිකයන් 2235 දෙනෙකු සඳහා මෙම සහන ණය මුදල ලබා දීමට කටයුතු කරමින් පවතී.