කේරළ ගංජා කිලෝග්‍රෑම් 4.870 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට

නාවික හමුදාව ‌සහ මන්නාරම කොට්ඨාශ දුෂණ මර්ධන ඒකකය එක්ව අද (2019 දෙසැම්බර් 25) උදෑසන මන්නාරම, පෙරියකාර්සල් ප්‍රදේශයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 4.870 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.

ඒ අනුව, උතුරු මැද නාවික විධානය සහ මන්නාරම කොට්ඨාශ දුෂණ මර්ධන ඒකකය ඒකාබද්ධව මන්නාරම, පෙරියකාර්සල් ප්‍රදේශයේ සිදු කරන ලද සෝදිසි කිරීමකදී සැක කටයුතු පුද්ගලයෙකු නිරීක්ෂණය කර ඇති අතර, එම පුද්ගලයා පරික්ෂා කිරීමේදී ඔහු විසින් සගවා තිබු මෙම කේරළ ගංජා ප්‍රමාණය සොයාගෙන ඇත. මෙලෙස සොයා ගන්නා ලද කේරළ ගංජා ප්‍රමාණය සහ පුද්ගලයා නාවික හමුදා බාරයට ගෙන ඇත.

තවද, නාවික හමුදා බාරයට ගත් මෙම පුද්ගලයා වයස අවුරුදු 28 ක් වන මන්නාරම, පෙරියකාර්සල් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට කරුනු අනාවරණය කර ගෙන ඇති අතර, නාවික හමුදා බාරයට ගත් එම පුද්ගලයා සහ කේරළ ගංජා ප්‍රමාණය ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම පොලීසිය වෙත භාරදීමට කටයුතු කරන ලදි.