අසිරිමත් නත්තලට සමඟාමීව පැවති කැරෝල් ගී ප්‍රසංගයට නාවික හමුදාව දායක වෙයි

ජේසුස් ක්‍රිස්තූස් වහන්සේගේ උපත සැමරීම සඳහා යෙදුණු අසිරිමත් නත්තල් උත්සවයට සමඟාමීව 2019 දෙසැම්බර් 24 වන දින ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පැවති රාත්‍රී කැරොල් ගී ප්‍රසංගය සඳහා නාවික හමුදාව සිය දායකත්වය සපයන ලදී.

ඒ අනුව අසිරිමත් නත්තල් උළෙලට සමගාමීව සංවිධානය කරන ලද රාත්‍රී කැරොල් ගී ප්‍රසංගයක් නාවික පුද්ගලයන්ගේ සහභාගීත්වයෙන් ශ්‍රි ලංකා නාවික නෞකා උත්තර ආයතනයේ පිහිටි ශාන්ත අන්තෝනි දේවස්ථානයේදී පැවැත්විණි. මේ අවස්ථාව සඳහා නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාණි සහ උතුරු විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් කපිල සමරවීර සහභාගි වු අතර, මෙහිදි නාවික පුද්ගලයින් සහ ළමුන් විසින් කැරොල් ගී ගායනයක් සහ සංගීත වැඩ සටහනක් පවත්වන ලදී. ඉන් අනතුරුව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාණි සහ උතුරු විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් කපිල සමරවීර අතින් ඒ සඳහා සහභාගි වු සිවිල් පුද්ගලයන් හට ත්‍යාග පිරිනැමීමක්ද සිදු කරන ලදී.

තවද මෙම උත්සවය නායගම් ෆාතිමා දේවස්ථානයේ ගරු ආචාර්ය මයිකල් සවුන්ද්‍රනායගම් පියතුමා විසින් සංවිධානය කර ඇති අතර ඔවුන් විසින් ධජ ආශිර්වාදයක්ද පවත්වන ලදී. එම අවස්ථාව සඳහා කන්‍යාරාමයේ ළමුන් ,ප්‍රදේශයේ දෙමළ කතෝලික පවුල් කිහිපයක සමාජීකයන් සහ නාවික පුද්ගලයින් සහභාගී වූහ.