මත්ද්‍රව්‍ය ලඟ තබා ගත් පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව ‌සහ පොලීසිය එක්ව 2019 දෙසැම්බර් මස 28 වන දින ත්‍රිකුණාමලය, චීන වරාය ප්‍රදේශයේදී හෙරොයින් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත.

මත්ද්‍රව්‍ය මැඩලීම වෙනුවෙන් නාවික හමුදාව සහ පොලීසිය එක්ව සිදු කරනු ලබන මෙහෙයුමක් අතරතුරදී ත්‍රිකුණාමලය, චීන වරාය ප්‍රදේශයේ ගමන්ගත් සැක කටයුතු ත්‍රීරෝද රථයක් නිරීක්‍ෂණය කර ඇති අතර, එහිදී එම ත්‍රීරෝද රථය පරික්‍ෂාවට ලක් කිරීමේදී ත්‍රීරෝද රථයේ සිටි පුද්ගලයින් ලඟ තිබී හෙරොයින් ග්‍රෑම් 4 ක් පමණ සොයා ගැනීමට සමත්ව ඇත. තවද, සිදු කළ වැඩිදුර විමර්ශනයේදී මෙම සැකකරුවන් ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බව කරුණු අනාවරණය කරගෙන ඇති අතර, එම සැකකරුවන් අවුරුදු 28 සහ 30 වන වියෙහි පසුවන ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.

එම සැකකරුවන්, ත්‍රීරෝද රථය සහ හෙරොයින් ප්‍රමාණය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු උප්පුවේලි පොලීසිය විසින් සිදු කරනු ලබයි. තවද, ඉදිරියේදී ද මෙවැනි මෙහෙයුම් ක්‍රියාත්මක කර මෙරටින් මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ කාර්යය සඳහා දායකත්වය ලබා දීමට නාවික හමුදාව කටයුතු කරමින් සිටි.