මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු (02) අත් අඩංගුවට ගැනීමට නාවික හමුදා සහය

නාවික හමුදාව සහ පොලීසිය එක්ව 2019 දෙසැම්බර් 30 වන දින යාපනය, අල්ලපිඩ්ඩි ප්‍රදේශ‍යේ සිදු කළ වැටලීමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 02 ක පමණ ප්‍රමාණයක් සමඟ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගෙන ඇත.

මෙරට මත්ද්‍රව්‍ය මැඩලීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව හා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව ක්‍රියාත්මක කරන ලද මෙහෙයුමක් යාපනය, අල්ලපිඩ්ඩි ප්‍රදේශ‍යේ සිදුකරන ලදී. එහිදී සිදුකල වැටලීමකදී නිවසක් පිහිටි ඉඩමක සඟවා තිබූ මෙම කේරළ ගංජා තොගය සොයා ගැනීමට සමත්ව ඇත. ඒ අනුව එම නිවසේ සිටි සැකකරුවන් දෙදෙනෙකු (02) ද නාවික හමුදා බාරයට ගෙන ඇති අතර, මෙම පුද්ගලයින් ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බව ද වැඩිදුර විමර්ශනයේදී කරුණු අනාවරණය කරගෙන ඇත.

එම පුද්ගලයින් වයස අවුරුදු 33 වන වියෙහි පසුවන වන එම ප්‍රදේශයේම පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් පුද්ගලයින් සහ කේරළ ගංජා තොගය සම්බන්ධයෙන් ඉදිරි පරීක්‍ෂණ කටයුතු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සිදුකරනු ලබයි.

එමෙන්ම, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදෙස් මත මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීම උදෙසා නාවික හමුදාව සිය සක්‍රිය දායකත්වය ලබා දෙමින් නිරන්තර මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි.