මහනුවර නුවරවැව පරිශ්‍රයේ පිහිටි වතුර මල අළුත්වැඩියා කිරීමට නාවික හමුදා කිමිදුම් මෙහෙයුමක්

මහනුවර නුවරවැව පරිශ්‍රයේ පිහිටි වතුර මල අළුත්වැඩියා කිරීමට 2019 දෙසැම්බර් මස 23 වන දින නාවික හමුදා කිමිදුම් මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලදී.

මහනුවර නුවරවැවේ අලංකරණය වැඩිකිරීම සඳහා යොදා ඇති වතුර මල කලක පටන් අක්‍රීය වී තිබූ අතර, එම වතුර මල අළුත්වැඩියා කිරීම සඳහා එහි යාන්ත්‍රික කොටස ගලවා දෙන මෙන් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ පරිපාලන අංශය මඟින් නාවික හමුදාවෙන් ඉල්ලීමක් සිදු කර ඇත. ඒ අනුව මෙම කාර්තව්‍ය සඳහා නාවික හමුදා කිමිදුම්කරුවන් 06 දෙනෙකුගෙන් යුතු කිමිදුම් කණ්ඩායමක් අනුයුක්ත කිරීමට කටයුතු කරන ලදී.

මෙහිදී නාවික හමුදා කිමිදුම් කරුවන් දැඩි පරිශ්‍රමයක් යොදා අදාල යාන්ත්‍රික කොටස ගලවා අළුත්වැඩියා කිරීම සඳහා ශ්‍රී දළදා මාලිගාවේ පරිපාලන අංශය වෙත භාර දීමට කටයුතු කරන ලදී.