ලුතිනන් කොමාණ්ඩර් (සංඥ) ඉනේෂ් ප්‍රීතිමාල් ශ්‍රීලංනානෞ ජගතා නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ජගතා නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් ලුතිනන් කොමාණ්ඩර් (සංඥා) ඉනේෂ් ප්‍රීතිමාල් අද (‍2019 දෙසැම්බර් 31) වැඩ භාර ගන්නා ලදී.

ඒ අනුව, නෞකාවේ හිටපු අණදෙන නිලධාරී ලුතිනන් කොමාණ්ඩර් (මාලිමා) සමන් විජේසුන්දර විසින් ත්‍රිකුණාමලය, නාවික තඨාකාංගණයේදී නිල වශයෙන් එතුමන් වෙත අණදෙන නිලධාරී ධූරයේ රාජකාරීන් භාර දීමට කටයුතු කෙරිණි. එම අවස්ථාව සඳහා ධජ නිලධාරී නාවික දියත් විධානය නියෝජනය කරමින් නාවික දියත් විධානයේ කපිතාන් මුහුදු පුහුණු, කපිතාන් ඉසිර කාසිවත්ත ද සහභාගී වූ අතර, නව අණදෙන නිලධාරීතුමන්ගේ අංශ පිරික්සීමෙන් අනතුරුව එම කර්තව්‍යයන් නිමාවට පත් කෙරිණි.