වෙරළ පරිසර පද්ධතිය සුරක්‍ෂිතව තබා ගැනීමට නාවික හමුදා දායකත්වය

නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහනක් යාපනය, මණ්ඩතිව් කලපුව කේන්ද්‍ර කරගනිමින් අද (2020 ජනවාරි 03) ක්‍රියාත්මක කරන ලදි.

මෙම වැඩසටහන සඳහා නාවික හමුදා පුද්ගලයන් මෙන්ම වෙලනි ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ නිලධාරින් පිරිසක් ද සහභාගිවී සිටි අතර, එහිදී ස්වභාවික හේතූන් සහ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් දැඩි ලෙස දූෂණයට ලක්ව තිබූ මණ්ඩතිව් කලපුවට අයත් වෙරළ තීරය අපද්‍රව්‍ය වලින් තොර වෙරළ තීරයක් බවට පත් කිරීමට කටයුතු කරන ලදී.