කපිතාන් (ඒඑස්ඩබ්) කාංචන බානගොඩ ශ්‍රීලංනානෞ සයුරළ නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් වැඩ භාර ගනී.

ශ්‍රී ලංකා නාවික හමුදාව සතු ගැඹුරු මුහුදු නිරීක්‍ෂණ නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා සයුරළ නෞකාවේ නව අණදෙන නිලධාරී වශයෙන් කපිතාන් (ඒඑස්ඩබ්) කාංචන බානගොඩ 2020 ජනවාරි 03 වන දින වැඩ භාර ගන්නා ලදී.

නෞකාවේ වැඩ බලන අණදෙන නිලධාරී වශයෙන් කටයුතු කරනු ලැබූ නෞකාවේ විධායක නිලධාරි වන කොමාණ්ඩර් (අවි) තුෂාර මහේෂ් විසින් කොළඹ වාරය පරිශ්‍රයේදී නිල වශයෙන් අණදෙන නිලධාරී ධූරයේ රාජකාරීන් භාර දීමට කටයුතු කෙරිණි. එහිදී නව අණදෙන නිලධාරීගේ අංශ පිරික්සීමෙන් අනතුරුව අණදෙන නිලධාරි විසින් නැව් මුළුව ඇමතීමට ද කටයුතු කරන ලදී.