වැල්ලම්පිටිය, සේදවත්ත ප්‍රදේශයේ ගොඩනැගිල්ලක ඇති වූ හදිසි ගින්නක් නිවා දැමීමට නාවික හමුදා සහාය

වැල්ලම්පිටිය, සේදවත්ත ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ආයතනයක හදිසියේ හටගත් ගින්නක් මැඩපැවැත්වීම සඳහා 2020 ජනවාරි 03 වන දින නාවික හමුදාව සිය දායකත්වය ලබා දෙන ලදී.

ඒ අනුව, වැල්ලම්පිටිය, සේදවත්ත ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ආයතනයක ගොඩනැගිල්ලක් තුල හදිසි ගින්නක් හට ගෙන ඇති බව නාවික හමුදාව දැනගත් විගස නාවික හමුදාව එම ස්ථානය වෙත කඩිනමින් ගිනි නිවීමේ කණ්ඩායමක් යැවීමට කටයුකු කරන ලදී.

ඒ සඳහා ගිනි නිවීමේ රථ සහ වතුර බවුසර් ඇතුළුව නාවික පුද්ගලයින් විශාල පිරිසක් අනුයුක්ත කරන ලද අතර, එහිදී ප්‍රදේශවාසින්ගේ ද සහාය ඇතිව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, ගුවන් හමුදාව සහ කොළඹ නාගරික ගිණි නිවිමේ ඒකකය හා එක්ව නාවික හමුදා ගිනි නිවිමේ ඒකකය ගින්න නිවා දැමීම‍ට කටයුතු කරන ලදී.

රට තුල ඇතිවන ඕනෑම හදිසි තත්වයකදී පෙරමුණ ගෙන කටයුතු කරන ලබන ශ්‍රී ලංකා නාවික හමුදාව, ඉදිරියේදී ද මහජනතාව හට සිදුවන ඕනෑම ව්‍යසනයකදී උපකාර කිරීමට සුදානමින් සිටි.