නීති විරෝධී ලෙස හරක් මස් ප්‍රවාහනය කල පුද්ගලයෙකු නාවික හමුදා භාරයට

නීති විරෝධී ලෙස හරක් මස් ප්‍රවාහනය කල පුද්ගලයෙකු නාවික හමුදා භාරයට නාවික හමුදාව විසින් 2020 ජනවාරි 03 වන දින වාකරේ, නාවලාඩි ප්‍රදේශයේ සිදු කල වැටලීමකදී නීති විරෝධී ලෙස හරක් මස් ප්‍රවාහනය කරමින් සිටි කැබ් රථයක් සමඟ පුද්ගලයෙකු (01) නාවික හමුදා භාරයට ගෙන ඇත.

දිවයින පුරා සිදුවන නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම වෙනුවෙන් සිදු කරනු ලබන වැටලීම්වල තවත් එක් වැටලීමක් මෙලෙස ක්‍රියාත්මක කරන ලද අතර, ඒ අනුව වාකරේ, නාවලාඩි ප්‍රදේශයේ යොදා ඇති නාවික හමුදා මාර්ග බාධකයේදී සැක කටයුතු කැබ් රථයක් පරික්‍ෂාවට ලක් කර ඇත. එහිදී කැබ් රථය තුල නීති විරෝධී ලෙස ප්‍රවාහනය කරමින් තිබූ හරක් මස් කිලෝග්‍රෑම් 80 ක් සොයා ගෙන ඇති අතර, ඒ අනුව කැබ් රථයේ සිටි පුද්ගලයා නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලදී.

මෙම හරක් මස් තොගය නීති විරෝධී අන්දමින් පූනානි ප්‍රදේශයේ සිට වාලච්චේන දක්වා ප්‍රවාහනය කර ඇති අතර, නාවික හමුදා භාරයට ගත් පුද්ගලයා වයස අවුරුදු 41 ක් වන පූනානි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇත. එම සැකකරු, කැබ් රථය සහ මස් තොගය ඉදිරි විමර්ශන කටයුතු සඳහා වාලච්චේන, පොලීසිය වෙත භාරදීමට කටයුතු කරන ලදී.