බීමත්ව අනවස‍රයෙන් නාවික කඳවුරකට ඇතුල්වීමට උත්සහ කල පුද්ගලයින් දෙදෙනෙකු අත් අඩංගුවට

මුලතිව්, නයාරු ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා නාවික හමුදාව සතු කඳවුරක් වෙත අනවසරෙන් ඇතුල්වීමට උත්සාහ කල බීමත් පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදාව විසින් 2020 ජනවාරි 05 වන දින සිය භාරයට ගෙන පොලිසිය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලදී.

මෙහිදී බීමත්ව සිටි මෙම පුද්ගලයින් දෙදෙනා නාවික හමුදා කඳවුර අසල පිහියක් රැගෙන කලහකාරි ලෙස හැසිරෙමින් නාවික කඳවුරු පරිශ්‍රය වෙත ඇතුල්වීමට උත්සාහ කල අවස්ථාවේදී මෙලෙස නාවික හමුදා භාරයට ගෙන ඇත. එම පුද්ගලයින් වයස අවුරුදු 23 වන වියෙහි පසුවන එම ප්‍රදේශයේම පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇති අතර, එහිදී ඔවුන් පැමිණ සිටි යතුරු පැදිය ද නාවික හමුදාව සිය භාරයට ගැනීමට කටයුතු කර ඇත.

එම සැකකරුවන්, යතුරු පැදිය සහ පිහිය ඉදිරි විමර්ශන කටයුතු සඳහා මුලතිව් පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.