තිළිණ මල්ල ජයග්‍රාහකයින් හට ත්‍යාග ප්‍රදානය කෙරේ

වාර්ෂිකව දිනුම් අදිනු ලබන නිත්‍ය සහ ස්වේච්ඡා නාවික යහසාධක අරමුදලේ “තිළිණ මල්ල” ජයග්‍රාහකයින් වෙත ත්‍යාග ප්‍රදානය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල්, පියල් ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් අද (2020 ජනවාරි 06) ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවනාගාරයේදී පැවැත්විය.

රුපියල් ලක්ෂ 5 බැගින් වූ මුදල් ත්‍යාග 05 ක්, රුපියල් ලක්ෂ 02 බැගින් වූ මුදල් ත්‍යාග 03 ක්, රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ත්‍යාග 06 ක්, රුපියල් 50,000 බැගින් වූ මුදල් ත්‍යාග 28 ක්, රුපියල් 30,000 බැගින් වූ මුදල් ත්‍යාග 49 ක්, රුපියල් 20,000 බැගින් වූ මුදල් ත්‍යාග 119 ක් සහ රුපියල් 10,000 බැගින් වූ මුදල් ත්‍යාග 20 ක් ද වශයෙන් නිත්‍ය සහ ස්වේච්ඡා නාවික යහසාධක අරමුදලේ “තිළිණ මල්ල” ජයග්‍රාහකයින් වෙත ත්‍යාග පිරිනැමිණි.

නිත්‍ය සහ ස්වේච්ඡා නාවික යහසාධක අරමුදලේ ගිණුම් හිමි සියළුම නාවික පුද්ගලයන් එම දිනුම් ඇදීම සඳහා සුදුසුකම් ලැබීය. මෙම අවස්ථාව සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, අධ්‍යක්ෂ ජෙනරාල්වරුන් ජ්‍යෙෂ්ඨ නාවික නිලධාරීන්, ත්‍යාගලාභී නාවික පුද්ගලයන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.