වැදගත් සිදුවීම්

ස්වේච්ඡා නාවික හමුදාව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන පුහුණු කඳවුර වැලිසරදී ආරම්භ කෙරේ

ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ සංවත්සරයට සමගාමීව වාර්ෂිකව පැවැත්වෙන පුහුණු කඳවුර (Annual training camp) අද (2020 ජනවාරි 06) වැලිසර පිහිටි ස්වේච්ඡා නාවික හමුදා මුලස්ථානයේදී ආරම්භ කරන ලදී. එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති, රියර් අද්මිරාල් නොයෙල් කළුබෝවිල සහභාගී විය.

06 Jan 2020

නාවික හමුදාධිපතිතුමන් වරාය අධිකාරියේ නව සභාපති හමුවෙයි

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා වරාය අධිකාරියේ නව සභාපති, විශ්‍රාමික ජෙනරල් දයා රත්නායක මහතා අද (2020 ජනවාරි 06) වරාය අධිකාරි කාර්යාලයේදී හමුවිය.

06 Jan 2020

නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් සිව් දෙනෙකු (04) අත් අඩංගුවට ගැනීමට නාවික හමුදා සහය

නාවික හමුදාව සහ ගාල්ල, ධීවර කාර්යාලය එක්ව 2020 ජනවාරි මස 05 වන දින ගාල්ල, දොඩන්දූව ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් සිව්දෙනකු (04) අත් අඩංගුවට ගෙන ඇත.

06 Jan 2020

වේදනා නාශක ඖෂධ තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 ජනවාරි 05 වන දින මීගමුව, පෙරියමුල්ල ප්‍රදේශයේ සිදු කල වැටලීමකදී වේදනා නාශක ඖෂධ තොගයත් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත් අඩංගුවට ගෙන ඇත.

06 Jan 2020

තිළිණ මල්ල ජයග්‍රාහකයින් හට ත්‍යාග ප්‍රදානය කෙරේ

වාර්ෂිකව දිනුම් අදිනු ලබන නිත්‍ය සහ ස්වේච්ඡා නාවික යහසාධක අරමුදලේ “තිළිණ මල්ල” ජයග්‍රාහකයින් වෙත ත්‍යාග ප්‍රදානය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල්, පියල් ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් අද (2020 ජනවාරි 06) ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම අද්මිරාල් සෝමතිලක දිසානායක ශ්‍රවනාගාරයේදී පැවැත්විය.

06 Jan 2020

නීති විරෝධී ලෙස ඇල්ලූ මුහුදු කූඩැල්ලන් තොගයක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් 2020 ජනවාරි 05 වන දින යාපනය, මණ්ඩතිව් දුපතට දකුණු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ඇල්ලූ මුහුදු කූඩැල්ලන් තොගයක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා බාරයට ගෙන ඇත.

06 Jan 2020

බීමත්ව අනවස‍රයෙන් නාවික කඳවුරකට ඇතුල්වීමට උත්සහ කල පුද්ගලයින් දෙදෙනෙකු අත් අඩංගුවට

මුලතිව්, නයාරු ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා නාවික හමුදාව සතු කඳවුරක් වෙත අනවසරෙන් ඇතුල්වීමට උත්සාහ කල බීමත් පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදාව විසින් 2020 ජනවාරි 05 වන දින සිය භාරයට ගෙන පොලිසිය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලදී.

06 Jan 2020