නාවික හමුදාධිපතිතුමන් වරාය අධිකාරියේ නව සභාපති හමුවෙයි

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා වරාය අධිකාරියේ නව සභාපති, විශ්‍රාමික ජෙනරල් දයා රත්නායක මහතා අද (2020 ජනවාරි 06) වරාය අධිකාරි කාර්යාලයේදී හමුවිය.

මෙම හමුව සභාපතිතුමා වැඩ භාර ගැනීමෙන් අනතුරුව නාවික හමුදාධිපතිතුමා හමු වූ පළමු නිල හමුව ලෙස සනිටුහන් විය. පළමුව නාවික හමුදාධිපතිතුමා විසින් අභිනව සභාපතිතුමා වෙත සිය සුභාසිංශන එක් කළ අතර, ඉන් අනතුරුව ඔවුන් සුහද පිළිසඳරක නිරත විය. තවද, මෙම නිල හමුව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.