නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයෙකු (01) අත් අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව සහ ගාල්ල ධීවර පරීක්‍ෂක කාර්යාලය එක්ව අද (2020 ජනවාරි 07) ගාල්ල ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයෙකු (01) අත් අඩංගුවට ‍ගෙන ඇත.

නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම සඳහා නිරන්තරව කටයුතු කරනු ලබන ශ්‍රී ලංකා නාවික හමුදාව, ගාල්ල ධීවර පරීක්‍ෂක කාර්යාලය හා එක්ව ක්‍රියාත්මක කරනු ලැබූ මෙහෙයුමක් අතරතුරදී ගාල්ල ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී සැක කටයුතු යාත්‍රාවක් පරීක්‍ෂා කර ඇති අතර, වැඩිදුර විමර්ශනයේදී බලපත්‍ර රහිතව නීති විරෝධී ලෙස ධීවර කටයුතු වල නිරතවෙමින් සිටි පුද්ගලයෙකු (01) අත් අඩංගුවට ගෙන ඇත. එම පුද්ගලයා වයස අවුරුදු 24 ක් වන ගාල්ල, බටදූව ප්‍රදේශයේ පදිංචිකරුවකු බව හඳුනාගෙන ඇති අතර, එහිදී, ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රාවක් සහ පිටත දහන යන්ත්‍රයක් අත් අඩංගුවට ගෙන ඇත.

එම පුද්ගලයා, ධීවර යාත්‍රාව, පිටත දහන යන්ත්‍රය සහ අනෙකුත් ධීවර ආම්පන්න සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු ගාල්ල, ධීවර පරීක්‍ෂක කාර්යාලය විසින් සිදුකරනු ලබයි.