හක් බෙල්ලන් 477 ක් සමග සැකකරුවෙකු නාවික හමුදා සහයෙන් නීතියේ රැහැනට

නාවික හමුදාව සහ මන්නාරම, සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලය හා එක්ව අද (2020 ජනවාරි 07) තලෙයිමන්නාරම, කරිසල්පාඩු ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී හක් බෙල්ලන් තොගයක් සමග සැකකරුවෙකු අත් අඩංගුවට ගෙන ඇත.

නීති විරෝධී කටයුතු මැඩ පැවැත්වීම වෙනුවෙන් නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරනු ලබන තවත් වැටලීමක් මන්නාරම, සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලය හා එක්ව තලෙයිමන්නාරම, කරිසල්පාඩු ප්‍රදේශය කේන්ද්‍රකර ගනිමින් ක්‍රියාත්මක කරන ලදි. ඒ අනුව සිදු කරන ලද වැටලීමේදී බලපත්‍ර රහිතව වෙළඳසැලක් තුළ සගවා තිබූ හක්බෙල්ලන් 477 ක් සොයා ගැනීමට සමත්ව ඇත. එහිදී වෙළඳසැලේ හිමිකරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු වයස අවුරුදු 52 ක් වන මන්නාරම, පේසාලෙයි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හදුනාගෙන ඇත.

සොයා ගන්නා ලද හක් බෙල්ලන් තොගය සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ කටයුතු මන්නාරම, සහකාර ධීවර අධ්‍යක්‍ෂක කර්යාලය මගින් සිදු කරනු ලබයි.