වැදගත් සිදුවීම්

හෙරොයින් සමග ත්‍රිරෝද රථයක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව සහ පොලිසිය එක්ව අද (2020 ජනවාරි 08) පුත්තලම, කල්ලඩි ප්‍රදේශයේ කරන ලද මෙහෙයුමකදී හෙරොයින් ග්‍රෑම් 03 ක් පමණ සොයා ගැනීමට සමත්ව ඇත.

08 Jan 2020

මැදවච්චිය, තම්මැන්නාවකුලම ජලාශයේ සොරොව්වේ මඩ ඉවත් කිරීම සඳහා නාවික හමුදා දායකත්වය

මැදවච්චිය, තම්මැන්නාවකුලම ජලාශයේ සොරොව්ව තුළ සිරවී තිබූ මඩ ඉවත් කර යථාතත්වයට පත් කිරීමට නාවික හමුදාව 2020 ජනවාරි 04 වන දින සිය දායකත්වය සපයන ලදී.

08 Jan 2020

හෙරෝයින් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා සහයෙන් නීතියේ රැහැනට

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 ජනවාරි 07 වන දින ත්‍රිකුණාමලය, කින්නියා ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 05 කට ආසන්න ප්‍රමාණයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

08 Jan 2020

ජාතික ඩෙංගු මර්ධන වැඩසටහන සඳහා නාවික හමුදා සහාය

ජාතික ඩෙංගු මර්ධන ඒකකය මගින් 2020 ජනවාරි 07 වන දින සිට 09 වන දින දක්වා දිවයින පුරා ක්‍රියාත්මක කරන ලද ඩෙංගු මර්ධන වැඩසටහන සඳහා නාවික හමුදාව සිය සක්‍රීය දායකත්වය ලබා දෙන ලදි.

08 Jan 2020

තහනම් දැල් භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් පිරිසක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් අද (2020 ජනවාරි 08) මොල්ලිකුලම් වලට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කරන ලද මුර සංචාරයක් අතරතුර තහනම් දැල් භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරතවූ පුද්ගලයින් පිරිසක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර ඇත.

08 Jan 2020

නීති විරෝධී ලෙස ලඟ තබා ගත් මුහුදු කූඩැල්ලන් තොගයක් නාවික හමුදා බාරයට

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්යය බලකාය එක්ව 2020 ජනවාරි 07 වන දින යාපනය, මිරින්චිමුනායි ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී මුහුදු කූඩැල්ලන් තොගයක් සමඟ පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන ඇත.

08 Jan 2020

තහනම් දැල් සමග පුද්ගලයින් දෙදෙනෙක් (02) අත් අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්යය බලකාය එක්ව 2020 ජනවාරි 07 වන දින යාපනය ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී තහනම් දැල් සමග පුද්ගලයින් දෙදෙනෙක් (02) අත් අඩංගුවට ගෙන ඇත.

08 Jan 2020