නාවික හමුදා බෝම්බ නිෂ්ක්‍රීය ඒකකය වෙත බෝම්බ නිෂ්ක්‍රීය උපකරණ බෙදාහැරේ

ශ්‍රී ලංකා නාවික හමුදා බෝම්බ නිෂ්ක්‍රීය අංශයට මෙතෙක් අඩුපාඩුවක්ව පැවැති බෝම්බ නිෂ්ක්‍රීය උපකරණ කිහිපයක් නාවික හමුදා විධානයන් තුල ක්‍රියාත්මක බෝම්බ නිෂ්ක්‍රීය ඒකකයන් අතරේ බෙදාහැරීම අද (2020 ජනවාරි 13) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ ප්‍රදානත්වයෙන් සිදු කරන ලදී.

මෙම උපකරණ කට්ටල නාවික හමුදාධිපතිතුමාගේ මඟපෙන්වීම යටතේ බෝම්බ නිෂ්ක්‍රීය කිරීමේ කටයුතු සිදු කරන නාවික පුද්ගලයින්ගේ විෂය දැනුම සහ නාවික පුද්ගලයින්ගේ ශිල්පීය දැනුම උපයෝගී කර ගනිමින් නාවික හමුදාව විසින්ම නිෂ්පාදනය කරනු ලැබූ අතර, එමගින් විශාල මුදලක් නාවික හමුදාවට ඉතිරි කර ගැනීමට අවස්ථාව උදාවිය.

මෙහිදී, Nonmagnetic Tool Kit, EOD Exploder, EOD Tripod, EOD Hook & Line Set, EOD Rake, Explosive Filling Box, Trolley Mounted Mirrors, Portable Mirrors, EOD Plodders සහ Rechargeable LED Torch යන බෝම්බ නිෂ්ක්‍රීය කිරීමේ උපකරණ මෙලෙස බෙදාහැරීමට කටයුතු කරන ලදී.

මෙම අවස්ථාව සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ඇතුළු අධ්‍යක්‍ෂ ජෙනරාල්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරීන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.