වැදගත් සිදුවීම්

නාවික හමුදා බෝම්බ නිෂ්ක්‍රීය ඒකකය වෙත බෝම්බ නිෂ්ක්‍රීය උපකරණ බෙදාහැරේ

ශ්‍රී ලංකා නාවික හමුදා බෝම්බ නිෂ්ක්‍රීය අංශයට මෙතෙක් අඩුපාඩුවක්ව පැවැති බෝම්බ නිෂ්ක්‍රීය උපකරණ කිහිපයක් නාවික හමුදා විධානයන් තුල ක්‍රියාත්මක බෝම්බ නිෂ්ක්‍රීය ඒකකයන් අතරේ බෙදාහැරීම අද (2020 ජනවාරි 13) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ ප්‍රදානත්වයෙන් සිදු කරන ලදී.

13 Jan 2020

හක් බෙල්ලන් 440 ක් සමග සැකකරුවන් තිදෙනෙක් (03) අත් අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව, හම්බන්තොට වනජීවී කාර්යාලය හා කිරින්ද ධීවර පරීක්‍ෂක කාර්යාලය සමග එක්ව අද (2020 ජනවාරි 13) කිරින්ද ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී හක් බෙල්ලන් තොගයක් සමග සැකකරුවන් තිදෙනෙක් (03) අත් අඩංගුවට ගෙන ඇත.

13 Jan 2020

ජ්‍යේෂ්ඨ නාවිකයින් 70 දෙනෙකු සඳහා පොලී රහිත ණය මුදල් ප්‍රදානය කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවේ රාජකාරී නියුතු ජ්‍යේෂ්ඨ නාවිකයින් 70 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ පහක‍් (5) බැගින් වූ පොලී රහිත ණය මුදල් ලබා දීම අද (2020 ජනවාරි 13) නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් නාවික හමුදාධිපතිතුමාගේ කාර්යාලයේදී සිදු කෙරුණි.

13 Jan 2020

මුහුදේ අනතුරට පත් ධීවරයින් හයදෙනෙකු (06) නාවික හමුදාව විසින් බේරා ගනි

නාවික හමුදාව විසින් අද (2020 ජනවාරි 13) මුහුදේදී අනතුරට පත්ව සිටි ධීවරයින් හයදෙනෙකු (06) බේරා ගැනීමට සමත් විය.

13 Jan 2020