මත්ද්‍රව්‍ය ලඟ තබා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව ‌සහ පොලිසිය එක්ව 2020 ජනවාරි 13 වන දින නිලාවේලි, එරක්කන්ඩි ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදී හෙරෝයින් සමඟ පුද්ගලයෙකු (01) අත්අඩංගුවට ගෙන ඇත.

මත්ද්‍රව්‍ය මැඩලීම වෙනුවෙන් නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව සිදු කරනු ලබන මෙහෙයුමක් අතරතුරදී නිලාවේලි, එරක්කන්ඩි ප්‍රදේශයේ ගමන්ගත් සැක කටයුතු ත්‍රීරෝද රථයක් නිරීක්‍ෂණය කර ඇති අතර, එහිදී එම ත්‍රීරෝද රථය පරික්‍ෂාවට ලක් කිරීමේදී ත්‍රීරෝද රථයේ සිටි පුද්ගලයා සතුව තිබී හෙරෝයින් ග්‍රෑම් 20 මිලිග්‍රෑම් 600 කට ආසන්න ප්‍රමාණයක් සොයා ගැනීමට හැකිවී ඇත. තවද, සිදු කළ වැඩිදුර විමර්ශනයේදී මෙම සැකකරු ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට කරුණු අනාවරණය කරගෙන ඇති අතර, එම සැකකරු වයස අවුරුදු 45 ක් වන නිලාවේලි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව වැඩිදුරටත් අනාවරණය කරගෙන ඇත.

එම සැකකරු, ත්‍රීරෝද රථය සහ හෙරෝයින් ප්‍රමාණය ඉදිරි විමර්ශන කටයුතු සඳහා කුච්චවේලි පොලිසිය වෙත භාරදීමට කටයුතු කර ඇත. ඉදිරියේදී ද මෙවැනි මෙහෙයුම් ක්‍රියාත්මක කර මෙරටින් මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ කාර්ය සඳහා දායකත්වය ලබා දීමට නාවික හමුදාව නිරන්තරයෙන් කටයුතු කරමින් සිටි.