පුද්ගලයින් දෙදෙනෙක් කේරල ගංජා සමග නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් දික්වැල්ල ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති මාර්ගබාධකයක් තුළ 2020 ජනවාරි 14 වන දින සැක කටයුතු යතුරුපැදියක් නවතා සිදු කළ සෝදිසියකදී කේරළ ගංජා ග්‍රෑම් 03 කට ආසන්න ප්‍රමාණයක් සොයා ගැනීමට සමත්ව ඇත.

මෙරට තුළ සිදු වන මත්ද්‍රව්‍ය ජාවාරම් සහ එම ජාවාරම් වල නිරත වන ජාවාරම්කරුවන් නීතියේ රැහැනට හසු කර දීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව තම දායකත්වය නිරන්තරයෙන් ලබා දීමට කටයුතු කර ඇත. ඒ අනුව මාතර, දික්වැල්ල ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති නාවික හමුදා මාර්ග බාධකයේදී සැක කටයුතු යතුරුපැදියක් පරීක්‍ෂා කිරීමේදී සූක්‍ෂම ලෙස සගවා තිබූ කේරල ගංජා ග්‍රෑම් 03 කට ආසන්න ප්‍රමාණයක් සොයා ගැනීමට සමත්ව ඇත. එහිදි යතුරුපැදිය හා එහි ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙකු (02) සමග එම කේරල ගංජා ප්‍රමාණය නාවික හමුදා භාරයට ගෙන ඇති අතර, සැකකරුවන් වයස අවුරුදු 36 ක් වන දික්වැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට අනාවරණය කරගෙන ඇත.

එසේම අදාල පුද්ගලයින් දෙදෙනා (02), යතුරුපැදිය සහ කේරළ ගංජා ප්‍රමාණය ඉදිරි විමර්ශන කටයුතු සඳහා දික්වැල්ල, පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.