සේවය හැරගොස් සිටින නාවික හමුදා සාමාජිකයින්ට පොදු සමා කාලයක්

නිත්‍යානුකූල නොවන අයුරින් නාවික හමුදා සේවය හැරගිය නාවික හමුදා පුද්ගලයින් හට නිත්‍යානුකූලව නාවික හමුදාවෙන් ඉවත්වීම සඳහා හෝ නැවත නාවික හමුදාවට එක්ව තම රට ජාතිය වෙනුවෙන් සේවය කිරීමට අවස්ථාවක් උදාකර දීම සඳහා සන්නද්ධ හමුදා සේනාධිනායක, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති, ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා විසින් සියළුම ත්‍රිවිධ හමුදා සාමාජිකයින් හට සතියක පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කර ඇත.

ඒ අනුව, 2020 පෙබරවාරි මස 05 වන දින සිට සතියක (දින 07) කාලයක් මෙලෙස පොදු සමාකාලයක් ප්‍රකාශයට පත් කර ඇති අතර, මෙම පොදු සමාකාලය අදාල වන්නේ 2019 සැප්තැම්බර් 30 වන දිනට පෙර නාවික හමුදා සේවය අතහැර ගිය නාවික පුද්ගලයින් හට පමණි. මෙහිදී සේවය හැරගිය නාවික හමුදා පුද්ගලයින් සිටී නම් තමන්ට ලඟම නාවික හමුදා කඳවුර වෙත රපොර්තු කර, නිත්‍යානුකූලව නාවික හමුදාවෙන් ඉවත්වීමට හෝ නැවත සේවයට එක්වීමට අවස්ථාව උදා කරදී ඇත.

විවිධ තත්වයන් මත විවිධ අභියෝගයන්ට මුහුණදී රට ජාතිය වෙනුවෙන් සේවයකල නමුත්, නිසි ක්‍රියාපටිපාටීන් අනුගමනය නොකර සේවාවන් අතහැරගිය ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට යලි අවස්ථාවක් ලබාදීමේ අරමුණින් අතිගරු ජනාධිපතිතුමා විසින් මෙම පියවර ගෙන ඇත.