මහජන චීන සමූහාන්ඩුවට අයත් සාගර පර්යේෂණ නෞකාවක් වන ‘ෂියෑන්ග් යැන්ග් හොන්ග් 06’ නෞකාව කොළඹ වරායට සේන්දු වෙයි

2020 ජනවාරි 03 දින ශ්‍රී ලංකාවට පැමිණි මහජන චීන සමූහාණ්ඩුවට අයත් සාගර පර්යේෂණ නෞකාවක් වන “ෂියෑන්ග් යැන්ග් හොන්ග් 06” නෞකාව ශ්‍රී ලංකාවට අයත් මුහුදු පතුලේ සහ මුහුදු ජලයේ දියවී සිටින ක්‍ෂුද්‍ර ජීවීන් පිළිඳව පර්යේෂණ කටයුතු මේ වන විට සිදු කරමින් සිටී.

මෙම පර්යේෂණ කටයුතු සඳහා ජෛව රසායනික විද්‍යාඥයින්, රසායනික විද්‍යාඥයින් පිරිසක් සහභාගී වී සිටින අතර, මෙම නෞකාවේ ජලමාන විද්‍යා කටයුතු සඳහා ශ්‍රී ලංකා නාවික හමුදා ජලමානක අංශයේ නිලධාරියෙකු නෞකාවට අනුයුක්තව රාජකාරී කරනු ලබයි. තවද, ඔහු එම නෞකාවේ නිරීක්‍ෂකයෙකු වශයෙන්ද කටයුතු කරනු ලබන අතර, මීට අමතරව ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිතායතනයේ මෙන්ම රුහුනු සරසවිය සහ සාගර සරසවියෙහි විද්‍යාඥයින් පිරිසක්ද මෙම පර්යේෂණ කටයුතු සඳහා සහභාගී වී සිටී.

තවද, අදාල පර්යේෂණ කටයුතු වලින් අනතුරුව එලඹෙන ජනවාරි 19 වන දින නෞකාව දිවයිනෙන් පිටත්වීමට නියමිතව ඇත.