ඩිංගි යාත්‍රා දෙකක් (02) සමග බීඩි කොළ තොගයක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් අද (2020 ජනවාරි 18) යාපනය කරෙයිනගර් ප්‍රදේශය අවට මුහුදේ සිදු කළ සෝදිසි කිරීමකදී ඩිංගි යාත්‍රා දෙකක් (02) සමග බීඩිකොළ කිලෝග්‍රෑම් 1060 ග්‍රෑම් 200 ක පමණ ප්‍රමාණයක් සොයා ගැනීමට සමත්ව ඇත.

උතුරු නාවික විධානය විසින් යාපනය කරෙයිනගර් මුහුදු ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමක් අතරතුරදී සීනෝර් ජැටිය අසල සැක කටයුතු ඩිංගි යාත්‍රා දෙකක් (02) නිරීක්‍ෂණය කර ඇත. එහිදී එම ඩිංගි යාත්‍රා දෙක (02) වැඩිදුරටත් පරීක්‍ෂා කිරීමේදී එහි තිබී බීඩීකොළ 1060 ග්‍රෑම් 200 ක (පාර්සල් 29) පමණ ප්‍රමාණයක් සොයා ගැනීමට සමත් වී ඇති අතර, එම බීඩීකොළ තොගය සහ ඩිංගි යාත්‍රා දෙක (02) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර ඇත.එසේම, නාවික හමුදාව විසින් නිරන්තරයෙන් සිදු කරනු ලබන සොදිසි කිරීම් හේතුවෙන් සැක කරුවන් විසින් මෙම ඩිංගි යාත්‍රා දෙක (02) අතහැර ගොස් ඇති බවට සැක පල කරන අතර, භාරයට ගන්නා ලද ඩිංගි යාත්‍රා සහ බීඩිකොල තොගය වැඩිදුර විමර්ෂණ සඳහා යාපනය, තෙලිප්පලේ රේගු කාර්යාලය වෙත වෙත භාර දිමට කටයුතු කර ඇත.

තවද, නාවික හමුදාව විසින් පසුගිය කාලයේ සිදු කරන ලද මෙහෙයුම් මඟින් නීති විරෝධී කටයුතු වල නිරත වූ විශාල පිරිසක් නීතියේ රැහැනට හසුකර දීමට සමත් වූ අතර, මෙවැනි නීති විරෝධී ජාවාරම් කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් සිටි.