වැදගත් සිදුවීම්

නාවික හමුදාව මගින් සිදු කරනු ලබන වෙරළ සංරක්‍ෂණ කටයුතු සඳහා ස්වභාදහමේ ආශිර්වාදය

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නිරන්තරයෙන් සිදු කරනු ලබන වෙරළ සංරක්‍ෂන කටයුතු සහ සාගර පරිසරය සුරක්‍ෂිත කිරීමේ ක්‍රියාකාරකම් වල සාර්ථක ප්‍රගතියක් මේ වන විට නිරීක්‍ෂණය වේ.

18 Jan 2020

ඩිංගි යාත්‍රා දෙකක් (02) සමග බීඩි කොළ තොගයක් නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් අද (2020 ජනවාරි 18) යාපනය කරෙයිනගර් ප්‍රදේශය අවට මුහුදේ සිදු කළ සෝදිසි කිරීමකදී ඩිංගි යාත්‍රා දෙකක් (02) සමග බීඩිකොළ කිලෝග්‍රෑම් 1060 ග්‍රෑම් 200 ක පමණ ප්‍රමාණයක් සොයා ගැනීමට සමත්ව ඇත.

18 Jan 2020

තහනම් දැල් තොගයක් සමග පුද්ගලයින් දෙදෙනෙක් (02) නාවික හමුදා සහයෙන් අත් අඩංගුවට

නාවික හමුදාව සහ පොලිසිය එක්ව අද (2020 ජනවාරි 18) යාපනය නගරයේ සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකදී වෙළඳ සැල් දෙකක් (02) තුළ තිබී තහනම් දැල් තොගයක් අත් අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.

18 Jan 2020

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු නීතියේ රැහැනට හසුකර දීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 ජනවාරි මස 17 වන දින තෝපූර් ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හෙරෝයින් ග්‍රෑම් 36 ක ප්‍රමාණයක් සමග අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.

18 Jan 2020

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු ආරක්ෂක උපදේශක හා නැගෙනහිර අඥාපති අතර හමුවක්

ශ්‍රී ලංකාවේ ඕස්ටේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන ගෲප් කපිතාන් ෂෝන් අන්වින් 2020 ජනවාරි 18 වන දින නැගෙනහිර විධාන මූලස්ථානයේදී නැගෙනහිර නාවික ප්‍රදේශය භාර ආඥාපති රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ හමුවිය.

18 Jan 2020