පූනෑව රක්‍ෂිතයේ සගවා තිබූ බඳින තුවක්කු දෙකක් (02) සොයා ගැනීමට නාවික හමුදා සහය

නාවික හමුදාව සහ මැදවච්චිය පොලිසිය එක්ව 2020 ජනවාරි 18 වන දින පූනෑව රක්‍ෂිත ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී නීති විරෝධී බඳින තුවක්කු දෙකක් (02) සොයා ගෙන ඇත.

නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම සඳහා තම සහය ලබා දීමට ශ්‍රී ලංකා නාවික හමුදාව නිරන්තරයෙන් කටයුතු කරනු ලබයි. ඒ අනුව මැදවච්චිය පොලිසිය සමග පූනෑව රක්‍ෂිතය තුල සිදුකල සෝදීසි මෙහෙයුමකදී නීති විරෝධී ලෙස වන සතුන් දඩයම් කිරීම සදහා යොදා ගන්නා බදින තුවක්කු දෙකක් (02) සගවා තිබියදී සොයා ගැනීමට සමත් වී ඇති අතර, එහිදි එම තුවක්කු අත් අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.

අත් අඩංගුවට ගත් තුවක්කු පිළිබඳ ඉදිරි විමර්ශන කටයුතු මැදවච්විය පොලිසිය විසින් සිදු කරනු ලබයි. තවද, මෙවැනි නීති විරෝධී කටයුතු මර්දනය කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නිරන්තර අවධානයෙන් කටයුතු කරනු ලබයි.