වැදගත් සිදුවීම්

වෙරළ පරිසර පද්ධතිය සුරක්‍ෂිතව තබා ගැනීමට නාවික හමුදා දායකත්වය

නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන වෙරළ පිරිසිඳු කිරීමේ වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහන් කිහිපයක් උතුරු සහ දකුණු නාවික විධානයන් කේන්ද්‍ර කරගනිමින් 2020 ජනවාරි 18 සහ 19 යන දෙදින තුළ ක්‍රියාත්මක කරන ලදි.

19 Jan 2020

දේශීය ගංජා තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙක් (02) නාවික හමුදා සහයෙන් නීතියේ රැහැනට

නාවික හමුදාව සහ හම්බන්තොට සුරාබදු ඒකකය එක්ව අද (2020 ජනවාරි 19) සූරියවැව, කිරිඉබ්බන්ආර ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදි දේශීය ගංජා කිලෝග්‍රෑම් 10 කට ආසන්න ප්‍රමාණයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත් අඩංගුවට ගෙන ඇත.

19 Jan 2020

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව උල්ලංගණය කරමින් ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් හතරදෙනෙකු (04) නාවික හමුදා භාරයට

නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් හතරදෙනෙකු (04) සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් (01) 2020 ජනවාරි 18 වන දින නාවික හමුදා භාරයට ගෙන ඇත.

19 Jan 2020

කේරළ ගංජා සමඟ යතුරු පැදියක් අත් අඩංගුවට ගැනීමට නාවික හමුදා සහය

නාවික හමුදාව සහ සුරාබදු ඒකකය එක්ව 2020 ජනවාරි 18 වන දින යාපනය, චාවකච්චේරිය ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝ 18 ග්‍රෑම් 300 කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.

19 Jan 2020

පූනෑව රක්‍ෂිතයේ සගවා තිබූ බඳින තුවක්කු දෙකක් (02) සොයා ගැනීමට නාවික හමුදා සහය

නාවික හමුදාව සහ මැදවච්චිය පොලිසිය එක්ව 2020 ජනවාරි 18 වන දින පූනෑව රක්‍ෂිත ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී නීති විරෝධී බඳින තුවක්කු දෙකක් (02) සොයා ගෙන ඇත.

19 Jan 2020