ඩෙටනේටර් දෙකක් (02) සහ ජෙලිග්නයිට් කූරු දෙකක් (02) නාවික හමුදා ‍මෙහෙයුමකින් සොයා ගැනේ

නාවික හමුදාව සහ මන්නාරම දිසා දූෂණ මර්ධන ඒකකය එක්ව අද (2020 ජනවාරි 20) මන්නාරම, සවුත්බාර් ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදී ඩෙටනේටර් දෙකක් (02) සහ ජෙලිග්නයිට් කූරු දෙකක් සොයා ගැනීමට සමත් වී ඇත.

පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලීම මගින් සාගර පරිසර පද්ධතිය විශාල ලෙස විනාශයට පත්වන අතර, එය වැලැක්වීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව අද (2020 ජනවාරි 20) නාවික හමුදාව සහ මන්නාරම දිසා දූෂණ මර්ධන ඒකකය එක්ව මන්නාරම, සවුත්බාර් ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමක් අතරතුරදී වෙරළ තීරයේ අතහැර ගොස් තිබූ ජෙලිග්නයිට් කූරු දෙකක් (02) සහ විදුලි නොවන ඩෙටනේටර් 02 ක් සොයා ගැනීමට හැකිවී ඇත.

තවද, නාවික හමුදාව විසින් නිරන්තරයෙන් සිදු කරනු ලබන මෙහෙයුම් හේතුවෙන් මෙලෙස මෙම පුපුරණ ද්‍රව්‍ය අතහැර යන්නට ඇතැයි සැක පල කරන අතර, සොයා ගන්නා ලද ජෙලිග්නයිට් කූරු දෙක (02) සහ විදුලි නොවන ඩෙටනේටර් දෙක (02) වැඩිදුර විමර්ෂණ කටයුතු සදහා මන්නාරම පොලීසිය වෙත භාර දීමට කටයුතු කර ඇත.