වැදගත් සිදුවීම්

ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘අයිරාවත්’ නෞකාව කොළඹ වරායට සේන්දු වෙයි

ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘අයිරාවත්’ නෞකාව අද (2020 ජනවාරි 20) කොළඹ වරායට ‍සේන්දු විය. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී.

20 Jan 2020

ඩෙටනේටර් දෙකක් (02) සහ ජෙලිග්නයිට් කූරු දෙකක් (02) නාවික හමුදා ‍මෙහෙයුමකින් සොයා ගැනේ

නාවික හමුදාව සහ මන්නාරම දිසා දූෂණ මර්ධන ඒකකය එක්ව අද (2020 ජනවාරි 20) මන්නාරම, සවුත්බාර් ප්‍රදේශයේ සිදු කල සෝදිසි කිරීමකදී ඩෙටනේටර් දෙකක් (02) සහ ජෙලිග්නයිට් කූරු දෙකක් සොයා ගැනීමට සමත් වී ඇත.

20 Jan 2020

කේරළ ගංජා සමඟ පුද්ගලයින් සිව් දෙනෙකු (04) අත් අඩංගුවට ගැනීමට නාවික හමුදා සහය

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 ජනවාරි 19 සහ 20 යන දෙදින තුල කින්නියා ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුම් දෙකක් අතරතුර කේරළ ගංජා කිලෝ 1 ග්‍රෑම් 516 කට ආසන්න ප්‍රමාණක් අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.

20 Jan 2020

පුපුරණ ද්‍රව්‍ය සමග ඩෙටනේටර් හතරක් (04) නාවික හමුදාව විසින් සොයාගැනේ

නාවික හමුදාව විසින් 2020 ජනවාරි 19 වන දින කෝකිලායි, වල්පාඩුකුඩා වෙරළ තීරයේ සිදුකල මුර සංචාරයකදී වෙරළ තීරයේ සගවා තිබූ පුපුරණ ද්‍රව්‍ය සමග ඩෙටනේටර් 04ක් සොයා ගැනීමට සමත් වී ඇත.

20 Jan 2020