වැදගත් සිදුවීම්

සාර්ථක සංචාරයකින් අනතුරුව ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘අයිරාවත්’ නෞකාව දිවයිනෙන් පිටත් වෙයි

2020 ජනවාරි 20 වන දින ශ්‍රී ලංකාවට සේන්දු වූ ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘අයිරාවත්’ නෞකාව සිය සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් අද (2020 ජනවාරි 22) කොළඹ වරායෙන් පිටත් විය. එහිදී, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව වෙත සමුදීම සිදු කරන ලදී.

22 Jan 2020

නාවික හමුදා සහ පොලිස් ඒකාබද්ධ ‍මෙහෙයුමකින් හෙරෝයින් සමඟ පුද්ගලයෙක් (01) අත් අඩංගුවට,

2020 ජනවාරි 21 වන දින නාවික හමුදාව ‍සහ මන්නාරම, දිසා දූෂණමර්දන ඒකකය එක්ව තලෙයිමන්නාරම, එරුක්කුලම්පිඩ්ඩි ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කල ඒකාබද්ධ මෙහෙයුමකදී හෙරෝයින් සමඟ පුද්ගලයෙක් (01) අත් අඩංගුවට ගෙන ඇත.

22 Jan 2020

කොරල්පර වගා කිරීම හා සංරක්ෂණය පිළිබද වැඩසටහනක් සඳහා සරසවි සිසුන් හට නාවික හමුදා සහය.

රුහුණු සරසවියේ සිසුන් පිරිසක් කොරල්පර වගා කිරීමේ හා සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතියක් දියත් කිරිමේ අරමුණින් මූලික පුහුණු වැඩසටහනක් 2020 ජනවාරි මස 18 වන දින නාවික හමුදාව සමග එක්ව සිදු කරන ලදි.

22 Jan 2020

බස් රථයක් තුළ කේරළ ගංජා තොගයක් ප්‍රවාහනය කළ සැකකරුවන් තිදෙනෙක් (03) නාවික හමුදා සහයෙන් අත් අඩංගුවට

නාවික හමුදාව සහ මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශය එක්ව 2020 ජනවාරි 22 වන දින පුත්තලම, පාලවිය ප්‍රදේශයේ බස් රථයක් තුළ ප්‍රවාහන කළ කේරළ ගංජා කිලෝ 176 ක පමණ ප්‍රමාණයක් සමග සැකකරුවන් තිදෙනෙක් (03) අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.

22 Jan 2020

මීගමුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකායට අයත් ගුවන් යානා එක්ව ඒකාබද්ධ අභ්‍යාසයක් පවත්වයි

ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රීලංකා ගුවන් හමුදාව සහ ජපාන සමුද්‍රීය ස්වයං ආරක්‍ෂක බලකායට අයත් ගුවන් යානා දෙකක් (02) එක්ව ගැඹුරු මුහුදේදී නෞකාවක් අනතුරට පත්වීමෙන් ජීවිතාරක්‍ෂක බෝට්ටු මගින් දිවි ගලවාගනු ලබන පුද්ගලයින් සොයා ගැනීම පිළබඳ ඒකාබද්ධ අභ්‍යාසයක් 2020 ජනවාරි 21 වන දින මීගමුවට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් සාර්ථකව පවත්වන ලදී.

22 Jan 2020

ත්‍රිකුණාමලය වරාය ආසන්න මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතු සීමා කළ ප්‍රදේශයේ නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට

ත්‍රිකුණාමලය වරාය ආසන්න මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල යෙදීම සීමා කර ඇති ප්‍රදේශයකදී ධීවර කටයුතු වල නිරත වූ පුද්ගලයින් දෙදෙනෙකු (02) සහ ඔවුන්ට අයත් ධීවර ආම්පන්න 2020 ජනවාරි 21 වන දින නාවික හමුදා භාරයට ගෙන ඇත.

22 Jan 2020

ඉන්දියානු නාවික හමුදාවට අයත් අයිරාවත් නෞකාවේ නාවික පුද්ගලයින් සඳහා ආපදා කළමණාකරන හා ක්‍ෂණික ප්‍රතිචාර දැක්වීමේ පුහුණු වැඩසටහනක් පැවැත්විය.

තෙදින සංචාරයක් සඳහා දිවයිනට සේන්දු වූ ඉන්දියානු නාවික හමුදාවට අයත් අයිරාවත් නෞකාවේ නැව් මුළුව සඳහා 2020 ජනවාරි 21 ගගේවාඩිය ක්ෂණික ක්‍රියාකාරී බලඝණ මූලස්ථානයේදී මානුෂීය ආධාර හා ආපදා සහන සැලසීමේ පුහුනු වැඩසටහක් පවත්වන ලදි.

22 Jan 2020