කේරළ ගංජා සමග සැකකරුවෙක් (01) නීතියේ රැහැනට හසුකර දීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 ජනවාරි 22 කල්පිටිය, මනල්තොට්ටම් ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සමඟ කේරළ ගංජා ග්‍රෑම් 460 ක පමණ ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.

මත්ද්‍රව්‍ය ජවාරම් කරුවන් නීතියේ රැහැනට හසුකර දෙමින් දිවයිනෙන් මත්ද්‍රව්‍ය උවදුර ඉවත්කිරීම සඳහා වන ජාතික කර්තව්‍යට නිරන්තර දායකත්වය දක්වන ශ්‍රී ලංකා නාවික හමුදාව 2020 ජනවාරි 22 කල්පිටිය, මනල්තොට්ටම් ප්‍රදේශයේදී කල්පිටිය පොලිසිය සමග කළ ඒකාබද්ධ මෙහෙයුමකදී සැකකටයුතු පුද්ගලයෙකු නිරීක්‍ෂණය කර ඇත. ඒ අනුව එම සැකකරු වැඩිදුර පරීක්‍ෂාවට ලක් කිරීමේදී ඔහු සතුව තිබී කේරළ ගංජා ග්‍රෑම් 460ක පමණ ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි වී ඇත.එහිදී සැකකරු සමග ගංජා ප්‍රමාණය අත් අඩංගුවට ගෙන ඇති අතර, අත් අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 26 ක් වන එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බවට තහවුරු කරගෙන ඇත.

තවද, අත් අඩංගුවට ගත් සැකකරු සමග කේරළ ගංජා ග්‍රෑම් 460 ක පමණ ප්‍රමාණය පිළිබඳ ඉදිරි විමර්ශන කටයුතු කල්පිටිය පොලිසිය විසින් සිදු කරනු ලබයි.