නාවික හමුදාව විසින් කේරළ ගංජා කි‍ලෝග්‍රෑම් 1 ග්‍රෑම් 500 කට ආසන්න ප්‍රමාණයක් සොයා ගැනේ

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2020 ජනවාරි 23 වන දින යාපනය, කඩෙයිකාඩු ප්‍රදේශය ආශ්‍රිතව වෙරළ තීරයේ සිදු කළ සෝදිසි කිරීමකදි කේරළ ගංජා කිලෝග්‍රෑම් 1 ග්‍රෑම් 500 කට ආසන්න ප්‍රමාණයක් සොයා ගෙන ඇත.

මත් ද්‍රව්‍ය උවදුර රටින් තුරන් කිරීම වෙනුවෙන් නාවික හමුදාව මේ වන විට විශාල කාර්යභාරයක් සිදු කරමින් සිටින අතර, ඒ අනුව දිවයින වටා ඇති වෙරළ තීරයන් අවට සිදු කරනු ලබන නිරන්තර මෙහෙයුම් අතරින් 2020 ජනවාරි 23 වන දින යාපනය, කඩෙයිකාඩු ප්‍රදේශයේ වෙරළ තීරය ආශ්‍රිතව සිදු කළ සෝදිසි කිරීමකදී තෙත සහිත කේරළ ගංජා කිලෝග්‍රෑම් 1 ග්‍රෑම් 500 කට ආසන්න ප්‍රමාණයක් සොයා ගැනීමට සමත් වී ඇත.

තවද, ජාවාරම්කරුවන් විසින් මුහුදු මාර්ගයෙන් මත්ද්‍රව්‍ය මෙරටට ගෙන ඒම සදහා සිදුකරන සැළසුම් ව්‍යාර්ථ කිරීම සදහා නාවික හමුදාව අඛණ්ඩව මෙහෙයුම් සිදු කිරීම හේතුවෙන් මෙම කේරළ ගංජා තොගය අතහැර යන්නට ඇතැයි විශ්වාස කරනු ලබන අතර, නාවික හමුදා භාරයට ගන්නා ලද කේරළ ගංජා ප්‍රමාණය වැඩ්දුර විමර්ෂණ කටයුතු සදහා පලෙයි පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කර ඇත.