කේරළ ගංජා සමඟ පුද්ගලයින් දෙදෙනෙක් (02) අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහය

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 ජනවාරි 23 වන දින මාරවිල ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමක් අතරතුර කේරළ ගංජා කිලෝ 1 ග්‍රෑම් 55 ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.

බටහිර නාවික විධානය සහ මාරවිල පොලිසිය එක්ව 2020 ජනවාරි මස 23 වන දින මාරවිල, කොච්චිකඩේ ප්‍රදේශයේදී සිදු කරන ලද වැටලීමකදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි සැකකටයුතු පුද්ගලයින් දෙදෙනෙක් (02) නිරීක්‍ෂණය කර ඇත. ඒ අනුව එම සැකකරුවන් වැඩිදුර පරීක්‍ෂා කිරීමේදී ඔවුන් සතුව තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 1 ග්‍රෑම් 55 ක ප්‍රමාණයක් සොයා ගැනීමට සමත්ව ඇති අතර, එහිදී අදාල සැකකරුවන් දෙදෙනා, යතුරු පැදිය සහ එම කේරළ ගංජා තොගය අත් අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.

මෙලෙස අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයින් දෙදෙනා (02) වයස අවුරුදු 39 වන වියෙහි පසු වන බවට තහවුරු කරගෙන ඇති අතර, ඔවුන් කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවට වැඩිදුරටත් කරුණු අනාවරණය කරගෙන ඇත. අත්අඩංගුවට ගන්නා ලද සැක කරුවන් දෙදෙනා (02) සහ කේරළ ගංජා කිලෝ 1 ග්‍රෑම් 55 ක ප්‍රමාණය පිළිබද වැඩිදුර විමර්ෂණ කටයුතු මාරවිල පොලිසිය මගින් සිදු කරනු ලබයි.