වැදගත් සිදුවීම්

ස්වේච්ඡා නාවික හමුදාවේ වාර්ෂික කඳවුර සාර්ථකව නිමාවට පත්වේ

ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදා වාර්ෂික පුහුණු කඳවුරේ අංශ පිරික්‍සුම නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් අද (2020 ජනවාරි 24) දින වැලිසර, ශ්‍රී ලංකා නාවික නෞකා ලංකා ආයතනයේ සරඹ පිටියේදී පැවැත්විණි.

24 Jan 2020

ගාල්ල මහින්ද විද්‍යාලයීය මුහුදු පිහිනුම් තරගාවලිය සදහා නාවික හමුදා සහාය

ගාල්ල මහින්ද විද්‍යාලයේ වාර්ෂික නිවාසාන්තර උත්සවයෙහි මුහුදු පිහිනුම් තරගාවලිය සඳහා නාවික හමුදා ජීවිත ආරක්ෂක කණ්ඩායම (4RU) විසින් අද (2020 ජනවාරි මස 24) වන දින සිය දායකත්වය ලබා දෙන ලදි.

24 Jan 2020

‘සයුරුසර’ සඟරාවේ 40 වන කලාපය එළිදකී

‘සයුරුසර’ සඟරාවේ 40 වන කලාපය එහි සංස්කාරක මණ්ඩලය විසින් අද (2020 ජනවාරි 24 ) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා වෙත පිළිගන්වන ලදි.

24 Jan 2020

සාර්ථක නාවික හමුදා මෙහෙයුම් මගින් ගතවූ පැය 72ක කාලය තුල කේරළ ගංජා කිලෝ 182 කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට

නාවික හමුදාව විසින් ගතවූ පැය 72ක කාලය තුල දිවයින වටා සිදුකරන ලද මෙහෙයුම් මගින් කේරළ ගංජා කිලෝ 182 ග්‍රෑම් 465ක් නාවික හමුදා භාරයට ගැනීමට සමත්වී ඇත.

24 Jan 2020

තහනම් ධීවර දැල් 89 ක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා භාරයට

නාවික හමුදාව සහ පදවිය, පොලිස් දූෂණ මර්ධන ඒකකය එක්ව 2020 ජනවාරි 23 වන දින පදවිය ප්‍රදේශයේදී තහනම් දැල් 89 ක් සමඟ පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන ඇත.

24 Jan 2020

මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සිව් දෙනෙක් (04) නාවික හමුදා සහයෙන් අත්අඩංගුවට

2020 ජනවාරි 23 වන දින නාවික හමුදාව සහ පොලිසිය එක්ව වැල්ලම්පිටිය ප්‍රදේශයේ සිදු කළ ඒකාබද්ධ මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝ 1 ග්‍රෑම් 450 ක ප්‍රමාණයක් සමග සැකකරුවන් සිව් දෙනෙක් (04) අත්අඩංගුවට ගන්නා ලදි.

24 Jan 2020

කේරළ ගංජා සමඟ පුද්ගලයින් දෙදෙනෙක් (02) අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහය

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 ජනවාරි 23 වන දින මාරවිල ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමක් අතරතුර කේරළ ගංජා කිලෝ 1 ග්‍රෑම් 55 ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.

24 Jan 2020

කැස්බෑවෙකු බේරා ගැනීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව විසින් 2020 ජනවාරි 23 උදැසන කන්කසන්තුරේ වරාය ආසන්නයේ වෙරළ තීරයේ තුවාල ලබා සිටි කැස්බෑවෙකු බේරා ගෙන ඇත.

24 Jan 2020

නාවික හමුදාව විසින් කේරළ ගංජා කි‍ලෝග්‍රෑම් 1 ග්‍රෑම් 500 කට ආසන්න ප්‍රමාණයක් සොයා ගැනේ

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2020 ජනවාරි 23 වන දින යාපනය, කඩෙයිකාඩු ප්‍රදේශය ආශ්‍රිතව වෙරළ තීරයේ සිදු කළ සෝදිසි කිරීමකදි කේරළ ගංජා කිලෝග්‍රෑම් 1 ග්‍රෑම් 500 කට ආසන්න ප්‍රමාණයක් සොයා ගෙන ඇත.

24 Jan 2020