‘සයුරුසර’ සඟරාවේ 40 වන කලාපය එළිදකී

‘සයුරුසර’ සඟරාවේ 40 වන කලාපය එහි සංස්කාරක මණ්ඩලය විසින් අද (2020 ජනවාරි 24 ) නාවික හමුදා මූලස්ථානයේදී, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා වෙත පිළිගන්වන ලදි.

මෙම අවස්ථාව සඳහා නාවික සහායක හා ‘සයුරුසර’ සඟරාවේ උපදේශක, කොමදෝරු ධම්මික කුමාර, නාවික හමුදා මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරි හා ‘සයුරුසර’ සඟරාවේ විධායක අධීක්‍ෂක, ලුතිනන් කොමාණ්ඩර් ඉසුරු සුරියබණ්ඩාර, මාණ්ඩලික නිලධාරි (මාධ්‍ය) හා ‘සයුරුසර’ සඟරාවේ ප්‍රධාන සංස්කාරක, ලුතිනන් කොමාණ්ඩර් (ස්වේ) සාලිය සුදුසිංහ ද එක්වි සිටියහ.

නාවික හමුදා පුද්ගලයින්ගේ කියවීමේ හා ලිවීමේ රුචිය වර්ධනය කිරීම, නාවික පුද්ගලයින්ගේ නිර්මාණශීලී හැකියාවන් ඔප් නැංවීම සහ නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන විවිධ සමාජ සත්කාරක වැඩසටහන්, පාරිසරික ප්‍රතිපත්තිය ඇතුළු විශේෂිත අවස්ථාවන් පිළිබඳව නාවික පුද්ගලයින් දැනුවත් කිරීම අරමුණු කරගෙන වත්මන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදෙස් මත මෙම සඟරාවේ මෙවර කලාපය ප්‍රකාශයට පත් කර ඇත.