ගාල්ල මහින්ද විද්‍යාලයීය මුහුදු පිහිනුම් තරගාවලිය සදහා නාවික හමුදා සහාය

ගාල්ල මහින්ද විද්‍යාලයේ වාර්ෂික නිවාසාන්තර උත්සවයෙහි මුහුදු පිහිනුම් තරගාවලිය සඳහා නාවික හමුදා ජීවිත ආරක්ෂක කණ්ඩායම (4RU) විසින් අද (2020 ජනවාරි මස 24) වන දින සිය දායකත්වය ලබා දෙන ලදි.

ගාල්ල පැරණි ජැටිය පරිශ්‍රයේ පාසල් සිසුන් 45 දෙනෙකුගේ සහභාගිත්වයෙන් පැවති පිහිණුම් තරගාවලියට සහභාගී වූ පාසල් සිසුන්ගේ ආරක්ෂාව සඳහා ගාල්ල මහින්ද විද්‍යාලයේ විදුහල්පතිතුමන්ගේ ඉල්ලීමකට අනුව නාවික හමුදා ජීවිත ආරක්ෂක කණ්ඩායම් (4RU) දෙකක් සහ කුඩා යාත්‍රා දෙකක් දකුණු නාවික විධාන ආඥාපතිගේ උපදෙස් මත සහභාගි කරවන ලදි.

තවද, මෙවැනි සමාජ සත්කාරයන් සහ ඕනෑම හදිසි අවස්ථාවන්හිදී සිවිල් ජනතාගේ ආරක්ෂාව වෙනුවෙන් නාවික හමුදාව නිරන්තරයෙන් සහයෝගය ලබා දෙමින් කටයුතු කරනු ලබයි.