නාවික හමුදාවේ තවත් සමාජ සත්කාරයක්

ගාල්ල දිස්ත්‍රික් ලේඛම් කාර්යාලය මගින් සංවිධානය කරනු ලැබු වෙරළ පවිත්‍ර කිරිමේ වැඩසටහනට සහභාගිවු පිරිසගේ ආරක්ෂාව සදහා නාවික හමුදා ජීවිත ආරක්ෂක කණ්ඩායම(4RU) 2020 ජනවාරි මස 24 වන දින සිය දායකත්වය ලබා දෙන ලදි.

ගාල්ල දිස්ත්‍රික් ලේඛම් කාර්යාලය මගින් සංවිධානය කරනු ලැබු වෙරළ පවිත්‍ර කිරිමේ වැඩසටහනක් 2020 ජනවාරි 24 වන දින ගාල්ල සමුද්‍ර පියවර අසලින් ආරම්භ කරන ලදි. මෙම වෙරළ පිරිසිදු කිරිමේ වැඩසටහන සදහා තුන්සියකට (300) වැඩි පිරිසක් සහභාගිවී සිටි අතර, එම පිරිසගේ ජිවිත ආරක්‍ෂාව වෙනුවෙන් ගාල්ල දිස්ත්‍රික් ලේඛම්තුමාගේ ඉල්ලීමකට අනුව නාවික හමුදා ජීවිත ආරක්ෂක කණ්ඩායම් (4RU) දෙකක්ද දකුණු නාවික විධාන ආඥාපති ගේ උපදෙස් මත මෙම වැඩසටහනට සහභාගි කරන ලදි. එහිදී මෙම ජීවිත ආරක්ෂක කණ්ඩායම් (4RU) විසින් වෙරළ පිරිසඳු කිරීමේ කටයුතු සඳහාද සිය දායකත්වය ලබා දීමට කරටයුතු කරන ලදි.

තවද, මෙවැනි සමාජ සත්කාර සහ ඕනෑම හදිසි අවස්ථාවන්හිදී සිවිල් ජනතාගේ ආරක්ෂාව වෙනුවෙන් නාවික හමුදාව නිරන්තරයෙන් කැපවී කටයුතු කරනු ලබයි.