බලපත්‍ර රහිතව ධීවර කටයුතු වල නිරත වූ පුද්ගලයින් තිදෙනෙක් (03) නාවික හමුදා භාරයට

ගාල්ල, දොඩංදූව ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ බලපත්‍ර රහිතව ධීවර කටයුතු වල නිරත වූ පුද්ගලයින් තිදෙනෙක් (03) 2020 ජනවාරි 24 වන දින නාවික හමුදා භාරයට ගෙන ඇත.

2020 ජනවාරි 24 වන දින ගාල්ල දොඩංදූව ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ බලපත්‍ර රහිතව ධීවර කටයුතු වල නිරත වූ පුද්ගලයින් තිදෙනෙක් (03) දකුණු නාවික විධානය මගින් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර ඇත. එහිදී එම පුද්ගලයින් විසින් ධීවර කටයුතු වල නිරතවීම සඳහා භාවිතා කළ බලපත්‍ර රහිත ඩිංගි යාත්‍රාවක් සහ තවත් ධීවර ආම්පන්න කිහිපයක් භාරයට ගෙන ඇති අතර, අදාල පුද්ගලයින් අවුරුදු 29, 38 සහ 43 වයස්වල පසුවන ගාල්ල ගින්තොට ප්‍රදේශයේ පදිංචිකරුවන් බව වැඩිදුරටත් අනාවරණය කරගෙන ඇත.

තවද, නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින් තිදෙනා (03), ඩිංගි යාත්‍රාව සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා කොළඹ, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව වෙත භාර දීමට කටයුතු කරන ලදී.