දැලක පැටලී සිටි කැස්බෑවන් දෙදෙනෙකු (02) බේරා ගැනීමට නාවික හමුදාව සමත්වේ

නාවික හමුදාව විසින් 2020 ජනවාරි 24 උදැසන කන්කසන්තුරේ වරාය ආසන්න මුහුදේ මසුන් ඇල්ලීමට භාවිතා කරනු ලබන දැලක පැටලී සිටි කැස්බෑවන් දෙදෙනෙකු (02) බේරා ගැනීමට සමත් වී ඇත.

2020 ජනවාරි 24 කන්කසන්තුරේ වරාය ආසන්න මුහුදේ ධීවරයින් විසින් එලන ලද දැලක පැටලී සිටි හොඳින් වැඩුනු කැස්බෑවන් දෙදෙනෙක් (02) උතුරු නාවික විධානයේ මුර සංචාරයේ නියුතු යාත්‍රාවක් මගින් නිරීක්‍ෂණය කර ඇත. ඒ අනුව දැලේ පැටලී සිටි කැස්බෑවුන් දෙදෙනා (02) නිරුපද්‍රිතව බේරාගෙන යලි සාගරයට මුදා හැරීමට කටයුතු කර ඇත.

තවද, වඳ වී යන සතුන් කොට්ඨාශයක් වශයෙන් හඳුනාගෙන ඇති මෙම කැස්බෑවන් ආරක්‍ෂා කිරීම සහ සංරක්‍ෂණය කිරීම සදහා නාවික හමුදාව නිරන්තරයෙන් කටයුතු කරමින් සිටී.