නාවික හමුදා සහභාගීත්වයෙන් පාසල් සිසුන් සදහා සෞඛ්‍ය කඳවුරක්

ගලෙන් බිදුනුවැව අ/පඩිකාරමඩුව විජය මහා විද්‍යාලයේ 66 වන සංවත්සරයට සමගාමීව පවත්වන ලද සෞඛ්‍ය කඳවුරක් නාවික හමුදාවේ සහයෝගය ඇතිව 2020 ජනවාරි මස 23 සහ 24 යන දිනයන්හි විද්‍යාලීය පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු කරන ලදී.

ශ්‍රී ලංකා නාවික හමුදා දන්ත වෛද්‍ය ඒකකය, මනෝවිද්‍යා උපදේශන ඒකකය හා මත්ද්‍රව්‍ය නිවාරණ ඒකකයේ සහභාගීත්වයෙන් අනුරාධපුර පඩිකාරමඩුව විජය මහා විද්‍යාලයේ හා අවට පාසැල් රාශියක දරු දැරියන්, ගුරුවරුන් හා ප්‍රදේශවාසීන් සදහා පවත්වන ලද මෙම සමාජ සත්කාරක වැඩසටහන සදහා ප්‍රදේශවාසීන් 289 ක් පමණ සහභාගී වන ලදි. මෙම වැඩසටහනේදී දන්ත වෛද්‍ය සායනයක්, පෞර්ෂ සංවර්ධන වැඩසටහක් සහ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක් ද පැවැත්වීමට කටයුතු කරන ලදි.

තවද, මෙම සමාජ සත්කාරක වැඩසටහන ගුරුවරුන්, පාසල් දරු දැරියන් සහ ප්‍රදේශවාසින්ගේ දැඩි පැසසුමට ද ලක්විය. එ‍සේම නාවික හමුදාව විසින් ඉදිරියේදී ද නිරන්තරයෙන් මෙවැනි සමාජ සත්කාරක වැඩසටහන් පැවැත්වීමට කටයුතු කරමින් සිටී.