පකිස්තානු නාවික හමුදාධිපති, අද්මිරාල් සෆර් මහමුද් දිවයිනට පැමිනෙයි.

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීම සඳහා පකිස්තානු නාවික හමුදාධිපති, අද්මිරාල් සෆර් මහමුද් 2020 ජනවාරි 25 වන දින කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලින් දිවයිනට පැමිණෙන ලදි.

ශ්‍රී ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල්ද සිල්වා ගේ ආරාධනාවක් මත පකිස්තානු නාවික හමුදාධිපති, අද්මිරාල් සෆර් මහමුද් 2020 ජනවාරි 25 වන දින, දින පහක (05) නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි අතර, ඔහු තම නිල සංචාරය තුළදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා හමුවීමට නියමිතයි. තවද පකිස්තානු නාවික හමුදාධිපති, අද්මිරාල් සෆර් මහමුද් දිවයිනේ රැදී සිටින කාලය තුළදී යුධ හමුදාධිපති, ගුවන් හමුදාධිපති සහ ආරක්‍ෂක ලේකම් වරයාද හමුවීමට නියමිතව ඇත.

එසේම, තම නිල සංචාරය තුලදී පකිස්තානු නාවික හමුදාධිපති, අද්මිරාල් සෆර් මහමුද් විවිධ වැඩසටහන් රැසකටම සහභාගී වීමට නියමිත අතර, එතුමන් තම නිල සංචාරය නිමා කරමින් 2020 ජනවාරි මස 29 වන දින දිවයිනෙන් පිටත් වීමට නියමිතය.