කේරළ ගංජා සමග සැකකරුවන් දෙදෙනෙකු (02) අත්අඩංගුවට.

නාවික හමුදාව සහ පොලීසිය එක්ව 2020 ජනවාරි 25 වන දින කිළිනොච්චිය ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී අලෙවි කිරීම සඳහා කේරළ ගංජා ලඟතබා ගත් පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගැනීමට සමත්වී ඇත.

2020 ජනවාරි 25 වන දින ශ්‍රී ලංකා නාවික හමුදාව පොලිස් විශේෂ කාර්ය බලකාය සමඟ එක්ව කිළිනොච්චිය ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුම් වලදී මාර්ගයේ ගමන්ගත් සැකකටයුතු පුද්ගලයින් දෙදෙනෙක් (02) නිරීක්‍ෂණය කර, එම සැකකරුවන් වැඩිදුර පරීක්‍ෂාවට ලක් කීරීමේදී අලෙවි කිරීම සඳහා ලග තබා ගෙන සිටි කේරළ ගංජා කිලෝග්‍රෑම් 03 ක පමණ ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි වී ඇති අතර, සැකකරුවන් දෙදෙනාද (02) අත් අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත. එහිදී එක් සැකකරුවෙකු සතුව තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 02 ග්‍රෑම් 500ක් සහ අනෙක් සැකකරු සතුව තිබී කේරළ ගංජා ග්‍රෑම් 500 ක් සොයා ගෙන ඇති අතර, අත් අඩංගුවට පත් වූ පුද්ගලයින් වයස අවුරුදු 31 සහ 34 වන වියෙහි පසුවන විශ්වමඩු සහ අරෙයක්කාර් ප්‍රදේශවල පදිංචිකරුවන් බවට වැඩිදුරටත් අනාවරණය කරගෙන ඇත.

එසේම, අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ කේරළ ගංජා කිලෝග්‍රෑම් 03 ක පමණ ප්‍රමාණය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා කිළිනොච්චිය සහ මාන්කුලම් පොලිස් ස්ථාන වෙත භාරදීමට කටයුතු කළ අතර, තවදුරටත් මෙරට තුළ සිදු වන මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නිරන්තර අවධානය යොමු කරමින් සිටි.