නාවික හමුදා සහයෙන් කැස්බෑ මස් තොගයක් සමග සැකකරුවෙක් අත් අඩංගුවට

නාවික හමුදාව විසින් 2020 ජනවාරි 25 වන දින බත්තරමුල්ල වනජීවී දෙපාර්තමේන්තු නිලධාරීන් හා එක්ව මීගමුව ප්‍රදේශයේ සිදුකල සෝදිසි ‍මෙහෙයුමකදී කැස්බෑ මස් තොගයක් සමඟ පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන ඇත.

ශ්‍රී ලංකාව වටා වූ මුහුදු කලාපයේ සාගර සම්පත් සුරක්‍ෂිත කිරීම වෙනුවෙන් නිරන්තර මෙහෙයුම් දියත් කරනු ලබන නාවික හමුදාව 2020 ජනවාරි 25 වන දින බත්තරමුල්ල වනජීවී දෙපාර්තමේන්තු නිලධාරීන් සමග මීගමුව, වැල්ල වීදිය ප්‍රදේශයේ සිදු කරන ලද තවත් එක් සෝදිසි මෙහෙයුමකදී විකිනීමට සූදානම් කරමින් තිබූ කැස්බෑ මස් කිලෝ 1 ග්‍රෑම් 600 ක පමණ ප්‍රමාණයක් සමග සැක කටයුතු පුද්ගලයෙක් අත් අඩංගුවට ගැනීමට සමත්වී ඇත. මෙලෙස අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයා වයස අවුරුදු 27 ක් වන මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවකු බව වැඩිදුර විමර්ෂණ කිරීමේදී කරුණු අණාවරණය කරගෙන ඇත.

තවද, මෙලෙස නාවික අත් අඩංගුවට ගන්නා ලද කැස්බෑ මස් කිලෝ 1 ග්‍රෑම් 600 ක පමණ ප්‍රමාණය සහ සැකකරු පිළිබඳ වැඩිදුර විමර්ෂණ කටයුතු බත්තරමුල්ල වනජීවී දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබයි.