වැදගත් සිදුවීම්

පිලිපීන නාවික හමුදාවට අයත් නෞකාවන් දෙකක් (02) කොළඹ වරායට සේන්දු වෙයි

පිලිපීන නාවික හමුදාවට අයත් ‘රමොන් අල්කරාස්’ (Ramon Alcaraz) සහ ‘ඩවාවෝ ඩෙල්සූර්’ (Davao Delsur) යන නෞකාවන් දෙක (02) අද (2020 ජනවාරි 26) කොළඹ වරායට ‍සේන්දු විය. තෙදින (03) නිල සංචාරයක් සදහා පැමිණි මෙම නෞකාවන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව පිළිගන්නා ලදී.

26 Jan 2020

නාවික හමුදා සහයෙන් කැස්බෑ මස් තොගයක් සමග සැකකරුවෙක් අත් අඩංගුවට

නාවික හමුදාව විසින් 2020 ජනවාරි 25 වන දින බත්තරමුල්ල වනජීවී දෙපාර්තමේන්තු නිලධාරීන් හා එක්ව මීගමුව ප්‍රදේශයේ සිදුකල සෝදිසි ‍මෙහෙයුමකදී කැස්බෑ මස් තොගයක් සමඟ පුද්ගලයෙකු අත් අඩංගුවට ගෙන ඇත.

26 Jan 2020

නාවික හමුදා දායකත්වයෙන් වෙරළ තීරයන් පිරිසිදු කිරීමේ වැඩසටහන් අඛණ්ඩව සිදුකෙරේ.

නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන වෙරළ පිරිසිඳු කිරීමේ වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහන් කිහිපයක් උතුරු සහ දකුණු පළාත් කේන්ද්‍ර කරගනිමින් 2020 ජනවාරි 25 වන දින ක්‍රියාත්මක කරන ලදි.

26 Jan 2020

කේරළ ගංජා සමග සැකකරුවන් දෙදෙනෙකු (02) අත්අඩංගුවට.

නාවික හමුදාව සහ පොලීසිය එක්ව 2020 ජනවාරි 25 වන දින කිළිනොච්චිය ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී අලෙවි කිරීම සඳහා කේරළ ගංජා ලඟතබා ගත් පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගැනීමට සමත්වී ඇත.

26 Jan 2020

පකිස්තානු නාවික හමුදාධිපති, අද්මිරාල් සෆර් මහමුද් දිවයිනට පැමිනෙයි.

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීම සඳහා පකිස්තානු නාවික හමුදාධිපති, අද්මිරාල් සෆර් මහමුද් 2020 ජනවාරි 25 වන දින කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලින් දිවයිනට පැමිණෙන ලදි.

26 Jan 2020